තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියකු ජීවිතයෙන් සමුගනී

    ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියකු ජීවිතයෙන් සමුගනී

    ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    රෝගි තත්ත්වයක් හේතුවෙන් අද (22) අලුයම ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා විය.

    මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවිය.

    මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තවත් එක් ක්ෂේත්‍රයක් පමණක්ව පැවති යුගයක, එය වඩාත් කැපී පෙනෙන ලෙස පිබිදීමකට ලක්කිරීමට අනගි මෙහෙවරක් කළ රූපලාවන්‍ය ශිල්පියකු ලෙස ප්‍රේමසිරි හේවාවසම් මහතා සැළකිය හැකිය.

    රුව අලංකරණ, කොණ්ඩා මෝස්තර, හැඩගැන්වීම්වලන් නොනැවතී නිිරූපණ ක්ෂේත්‍රයට ද ප්‍රේමසිරි හේවාවසම් මහතා නැතුවම බැරි යුගයක් පැවතියේ ය.

    ශ්‍රී ලාංකික සංස්කෘතිය ආරක්ෂා කරමින් හැමවිටම මනාලියන් හැඩගැන්වීම් සිදුකිරීම ඔහුගේ සුවිශේෂත්වයයි.

    රුව අලංකරණයෙන් ඔහු හැමවිටම උත්සාහ කළේ රුවක් වෙනස් කිරීමට නොව, රූපය ඔප්නැංවීම පමණකි.

    මෙරට පමණක් නොව ජාත්‍යන්තර තලයේ හැඩගැන්වීම්, නිරූපණ ක්ෂේත්‍රයට දායකත්වය දැක්වීමට තරම් ඔහු කැපී පෙනෙන දක්ෂයෙක් විය.

    එතෙකින් නොනැවතුණු ප්‍රේමසිරි හේවාවසම් මහතා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ දහස් ගණනක ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img