Home උණුසුම් පුවත් නර්තන රැජින දිවියට සමුදෙයි

නර්තන රැජින දිවියට සමුදෙයි

නර්තන රැජින දිවියට සමුදෙයි

මෙරට ජීවත්ව සිටි ප්‍රවීනතම නර්තන ආචාර්යවරිය වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත විය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

ඇය දේශීයව පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද සුපතළ ‘නර්තන රැජිණිය’ ලෙස විරුදාවලිය ලද්දේය.

එමෙන්ම ඇය ‘කලා කීර්ති’ සහ ‘විශ්ව කලා කීර්ති’ යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටි ඇය දහස් ගණනක් නර්තන ශිල්පීන් බිහිකළ, නර්තන කලාවෙන් මෙරට සංස්කෘතිය ලෝකයට ගෙන‍ගිය මහඟු මෙහෙවරක නිරත වූ තැනැත්තියකි.

රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here