ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ අභාවප්‍රාප්ත වන විට ඔහු 84 වැනි වියෙහි පසුවිය.
1938 ඔක්තෝබර් 29දා කොළඹ වෝඩ් පෙදෙසේදී උපත ලැබූ ලලිත් කොතලාවල මහතාගේ පියා සෙනෙට් සභික ජස්ටින් කොතලාවල ය. ජස්ටින් මහතා මෙරට ප්‍රථම රක්ෂණ සමාගම වන සිලෝන් ඉන්ෂුවරන්ස් (පසුව සෙලින්කෝ) නිර්මාතෘවරයායි.
ප්‍රකට දේශපාලඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු සහ ප්‍රමුඛ ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් ආතර් මාර්සෙල්ස් ද සිල්වාගේ දියණිය වන මිලිසන්ට් කොතලාවල (පෙර ද සිල්වා) ඔහුගේ මව විය.
ලලිත් මහතා ශ්‍රී ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ඥාති පුත්‍රයාය.
ලලිත් කොතලාවල මහතාට ප්‍රකට ලේඛිකා පුන්‍ය කාන්ති විජේනායක සහ අයෝමා වික්‍රමසිංහ යන සොයුරියන් දෙදෙනකු ද විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු වරලත් ගණකාධිකරණය හැදෑරුවේ එක්සත් රාජධානියේ ය.
ලලිත් කොතලාවල මහතා 2007 දී ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවට ඇතුළත් වූ ව්‍යාපාරිකයෙකි.
ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වූ අතර මෑත කාලීනව ආන්දෝලනයකට තුඩු දුන් ගෝල්ඩන් කී සමාගමේ සභාපතිවරයා ද විය.