තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සයිබර් ප්‍රහාරය එල්ලකල අය හදුනා ගනී

    සයිබර් ප්‍රහාරය එල්ලකල අය හදුනා ගනී

    මෙරට රාජ්‍ය ආයතන කිහිපයකත් චීන තානාපති කාර්යාලයේත් වෙබ් අඩවි වලට අද (18) දින සයිබර් ප්‍රහාරය එල්ලකර ඇත්තේ ටැමිල් ඊළාම් සයිබර් ෆෝස් නමින් පෙනී සිට බව අනාවරණය වී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශයේත්, විදුලි බල අමාත්‍යාංශයේත්, රජරට විශ්ව විද්‍යාලයේත් වෙබ් අඩවි වලට සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී තිබේ.

    මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු හෙළිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ ඒකකය විසිනි.

    අදාළ වෙබ් අඩිවවල දත්ත විකෘතිකිරීම සඳහා මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන්

    කළේය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට මෙම කණ්ඩායමෙන් සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවත් මැයි මාසයේ ප්‍රහාර එල්ලකිරීමේ ප්‍රවනතාව ඉහළ බවත් එම සංසදය සදහන් කරයි.

    මෙයට පෙර අවසන් වරට මෙම කණ්ඩයමෙන් ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ පසුගිය වසරේ මැයි 18 වනදාය. එදින වෙබ් අඩවි 07කට සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.

    මෙවන් සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බව දින කිහිපයකට පෙර සිය සංගමය අණතුරු ඇගයීමක් කර තිබුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img