Home උණුසුම් පුවත් ඊශ්‍රායල්–පලස්තීන යුද්ධය ගැන මැතිසබේ විවාදය හෙට

ඊශ්‍රායල්–පලස්තීන යුද්ධය ගැන මැතිසබේ විවාදය හෙට

ඊශ්‍රායල්–පලස්තීන යුද්ධය ගැන මැතිසබේ විවාදය හෙට

ඊශ්‍රායල්–පලස්තීන යුද ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදය හෙට (20) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා අදාළ විවාදය පැවැත්වේ.

ඊශ්‍රායල්–පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමටත්, සාමකාමී විසදුමක් සඳහා ක්ෂණික මැදිහත්වීමක් සිදුකිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම සඳහා මෙම විවාදය පැවැත්වීමේ අරමුණයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී එම විවාදය පැවැත්වීම සඳහා තීරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here