තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහසින් -ගොඩබිමින් -මුහුදෙන් -අන්තර්ජාලයෙන් එකම තීරය සහ මාවතට රාජ්‍ය නායකයෝ එක්වෙති

    අහසින් -ගොඩබිමින් -මුහුදෙන් -අන්තර්ජාලයෙන් එකම තීරය සහ මාවතට රාජ්‍ය නායකයෝ එක්වෙති

    ‘තීරය සහ මාවත මුලපිරුම’ වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල බෙයිජිං හි දී පැවැත්වේ.

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.

    ‘තීරය සහ මාවත මුලපිරුම’ වැඩපිළිවෙළට අදාළ රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් පිරිසක් ඇතුළු පිරිසක් සංසදයට එක් ව සිටියහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද ඊට ඇතුළත් විය. ‘තීරය සහ මාවත මුලපිරුම’ වැඩපිළිවෙළ තමන් පමණක් නොව අන් අයගේ සෞභාග්‍යවත් සංවර්ධනය ද සහතික කිරීමේ අරමුණින් සියලු පාර්ශ්වයන් හි එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් බව චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.  පොදු සංවර්ධනය හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීම මෙහි අරමුණ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    ගෙවී ගිය දශකය තුළ ‘තීරය සහ මාවත මුලපිරුම’ වැඩපිළිවෙළට එක් ව සිටින විවිධ රටවල් එම මූලික අභිලාෂයන් හා ඉලක්ක අරමුණු කරගනිමින් ප්‍රායෝගික මෙන්ම සක්‍රිය ජගත් සහයෝගතා තහවුරු කර ඉන් සරු ප්‍රතිඵල දිනා ගැනීමට සමත් වී තිබේ.

    ‘තීරය සහ මාවත මුලපිරුම’ යනු, විධිමත් සැලසුමක් නිසි දර්ශනයක් ඔස්සේ යථාර්ථයක් බවට පත්කෙරෙන පුළුල් ක්‍රියාවලියකි. මේ යටතේ ලොව සන්ධිස්ථානගත ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් පවතින අතර ලෝක වාසී ජනතාවට විවිධ ප්‍රතිලාභ අත්කර දෙන ව්‍යාපෘති ද කැපීපෙනේ.

    අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, මහාමාර්ග, ගුවන් තොටුපොළ හා වරාය යනා දී ව්‍යාපෘති ඔස්සේ ගෝලීය මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් චීනය ස්ථාපනය කර ඇත. ගොඩබිමින්, මුහුදෙන්, අහසින් හා අන්තර්ජාලයෙන් සම්බන්ධ වන එම ජාලය, විවිධ රටවල වෙළඳ භාණ්ඩ, අරමුදල්, තාක්ෂණ හා පුද්ගල හුවමාරු ප්‍රවර්ධනය කර ඇතැයි ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img