Home උණුසුම් පුවත් ඔන්ලයින් නීති කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් එයි

ඔන්ලයින් නීති කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් එයි

ඔන්ලයින් නීති කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් එයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දී ඇත.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට නියමිත ය.

එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට මෙම දැනුම්දීම කර තිබුණි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වනවිට පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී ඇත.

සබැඳි පුවත්
“ලංකාවේ ඔන්ලයින් නීති සහ ත්‍රස්ත විරෝධී පනත් ජගත් මානව හිමිකම්වලට අනුකූල නෑ”
ඔන්ලයින් නීති ගැන අගරදගුරු හිමි නඩු මඟට බසී
ඔන්ලයින් වැරදි -ෆේක් එකවුන්ට්වලට වැටබඳින කෙටුම්පත මෙන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here