fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔන්ලයින් වැරදි -ෆේක් එකවුන්ට්වලට වැටබඳින කෙටුම්පත ගැසට් වෙයි

    ඔන්ලයින් වැරදි -ෆේක් එකවුන්ට්වලට වැටබඳින කෙටුම්පත ගැසට් වෙයි

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය (Online Safety) පිළිබඳ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ගැසට් පත‍්‍රයට අනුව මෙම පනත් කෙටුම්පත ඔන්ලයින් ආරක්‍ෂක කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ‍්‍රී ලංකාව තුළ ඇතැම් කරුණු ප‍්‍රකාශ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම තහනම් කිරීමට ඉඩ සලසයි.

    මීට පෙර මෙම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණේ සැප්තැම්බර් 4 වැනිදාය.

    ගැසට් පත්‍රයට අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීමටත්, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට හැකියාව ඇති කිරීමටත් මෙම පනතින් හැකියාව ලැබේ.

    එමෙන්ම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් (Online Accounts) සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් (Fake Online Accounts) භාවිත කිරිම වැළැක්වීමටත්, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා මෙමගින් ඉඩ ලැබේ.

    ඒ අතරම සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරිම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අදාළ කාරණා සඳහා ඉඩසැලැස්වීම වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.

    අදාළ ගැසට් පත්‍රය පහතින්.

    284-2023_S

    ඔබේ අදහස් දක්වන්න.