තවත්
    මුල් පිටුවspecialගාසා රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක් -ළමුන් ඇතුළු 500ක් මරුට

    ගාසා රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක් -ළමුන් ඇතුළු 500ක් මරුට

    ගාසාහී පිහිටි අල් අහිල් බැප්ටිස් රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් එහි ප්‍රතිකාර ගනිමින් සිටි ළමුන් ඇතුළු සියය පන්සීයකට ආසන්න පිරිසක් මරණයට පත්ව තිබේ.

    මෙම ප්‍රහාරය ඊශ්‍රායලය ආරක්ෂක අංශ විසින් එල්ල කළ බවට ගාසා හී පලස්තීන සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඔවුන්ට අනුව මෙම ඊශ්‍රායල ආරක්ෂක අංශ හිතා මතාම රෝහල ඉලක්ක කරගනිමින් සිය මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

    ප්‍රහාරයත් සමඟ ඇති වූ දැඩි ගින්නට රෝගීන් විශාල පිරිසක් හසුව ඇති බවත් ඔවුන්ගෙන් බහුතරයක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවල් ලැබූ ළමුන් බවද පලස්තින බලධාරීන් ප්‍රකාශ කරයි.

    මේ ප්‍රහාරයේ ප්‍රබලත්වය හේතුවෙන් බහුතරයක් දෙනාගේ සිරුරු කොටස් පවා හඳුනා ගැනීමට නොහැකි අයුරුන් විනාශ වී ඇති බවද ටිව්ටර් (එක්ස්) හී පළවූ දර්ශන වලින් අනාවරණය වේ.

    කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල පාර්ශවය සඳහන් කර සිටියේ හමාස් සංවිධානය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයක් අත් වැරදීමෙන් රෝහල වෙත පතිත වී ඇති බවයි.

    ඊශ්‍රායලයේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තුල දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර යුධ විශ්ලේෂකයින් බහුතරයක් පෙන්වා දී ඇත්තේ රොකට් ප්‍රහාරයකින් සමස්ථ රෝහලක් විනාශ කිරීමට තරම් ප්‍රබල පිපිරීමක් ඇති නොවන බවයි.

    සිදුවීමෙන් අනතුරුව පලස්තීන වෛද්‍යවරුන් විසින් රෝහල් භූමිය ඉදිරිපිටදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය වඩාම ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාවගේ සිරුරු දැක ගැනීමට හැකිවිය.

    මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සැලවීමත් සමඟ ලොව පුරා පලස්තීනයට සහය පළකරමින් විරෝධතා රැසක් දියුත් වූ අතර එහිදී ඊශ්‍රායලයට සහ ඇමරිකා එක්සත් ජනපදයට දැඩි විරෝධතාවයක් එල්ල විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img