ලෝක කුසලාන ක්‍රිකට් තරගවාරයේ අද(17) පැවති තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
ඉන්දියාවේ ධරම්සලා ක්‍රීඩාංගණයේ පැවැති තරගය පන්දුවාර 43කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු අටකට ලකුණු 245ක් ලබා ගත්තේය. ස්කොට් එඩ්වඩ් පන්දු හැට නවයකදී නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය.
ලකුණු 246ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 42.5 කදී සියලුදෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 207ක් පමණි. තරගයේ වීරයා සම්මානය ස්කොට් එඩ්වඩ්ට හිමිවිය. ඔහු පන්දු රැකීමේදී උඩපන්දු තුනක් රැකගනිමින් ජයග්‍රහණයට අමතර සහයක් ද ලබා දුන්නේය.
නෙදර්ලන්තයේ මෙම ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණ ලැයිස්තුවේ අවසන් තැනට ඇද වැටී තිබේ.