Home උණුසුම් පුවත් වෙළඳ සුළං ගෙන එන මහ වැස්සක් අද සිට..

වෙළඳ සුළං ගෙන එන මහ වැස්සක් අද සිට..

වෙළඳ සුළං ගෙන එන මහ වැස්සක් අද සිට..

අද (17) සිට ලබන 20 වැනිදා දක්වා දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඌව,සබරගමුව සහමධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකිිය.

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය හෙවත් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් ඇතිවීම මෙම අධික වැසි තත්ත්වයට බලපා තිබේ.

උතුරු අර්ධගෝලයේ සිට දකුණටත් දකුණු අර්ධගෝලයේ සිට උතුරටත් ස්ථාවරව හමන මෙම සුළං භාවිතයෙන් අතීතයේ දී වෙළෙඳ නැව් ගමනාගමනය සිදුවූ නිසා මෙම සුළං වෙළෙඳ සුළං (Trade Winds) යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ, දෙපසක සිට එන මෙම සුළං අභිසාරි වන කලාපයේ වන බැවින් එලෙස අභිසාරි වන සුළං ඉහළට ගමන් කොට වැහි වළාකුළු ඇතිවී දිවයිනේ තද වැසි ඇතිවීමට බලපෑම් කරයි.

පසුගිය දින කිහිපයේද මෙම අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතියද, එය අද සිට ස්ථාවර වීම නිසා වැසි වැඩි වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා NewsWave.lk වෙත පැවසීය.

බස්නාහිර, දකුණු සහ නැගෙණහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here