පී.ජි කණ්ඩායම 30-24 ලෙස පරාජයට පත්කළ එංගලන්තය සහ 29-28 ලෙස ප්‍රංශ කණ්ඩායම පරාජය කළ දකුණු අප්‍රිකාව ප්‍රංශයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
ඒ අනුව ආජන්ටිනාව සහ නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය ලබන 21වැනිදා ශාන්ත ඩෙනිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය ලබන 22වැනිදා එම ක්‍රිඩාංගණයේ දී ම පැවැත්වෙයි.
එම තරග ප්‍රතිඵල මත ලබන 29 වැනිදා අවසන් මහා තරගයට සුදුකම් ලැබීමට කණ්ඩායම් දෙකකට අවස්ථාව උදාවෙයි.
මෙම අවසන් මහා තරගයට පෙර ලබන 28වැනිදා ලෝකඩ පදක්කම දිනා ගැනීමේ තරගය පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග දෙකේදී පරාජය පත්වන කණ්ඩායම් දෙක ඒ සඳහා සුදුසුකම් ලබයි.