Home උණුසුම් පුවත් ඊශ්‍රායල අත්අඩංගුවට ගත් ලාංකික කතුන් ගැන හෙළිවෙයි -ජෝර්දානයට පිටුවහල්

ඊශ්‍රායල අත්අඩංගුවට ගත් ලාංකික කතුන් ගැන හෙළිවෙයි -ජෝර්දානයට පිටුවහල්

ඊශ්‍රායල අත්අඩංගුවට ගත් ලාංකික කතුන් ගැන හෙළිවෙයි -ජෝර්දානයට පිටුවහල්

ජෝර්දානයේ සිට ඊශ්‍රයිල් භූමියට අනවසරයෙන් ඇතුල්වීමේ දී දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසයි.

වයස අවුරුදු 50 වූ J.A.චමිලා තුෂාරි හා වයස අවුරුදු 44ක් වූ K.A.ශ්‍රියානි මංජුලා කුලතුංග අදාල කාන්තාවන් දෙදෙනා බව සනාථ වූයේ යැයි තානාපති නිමල් බණ්ඩාර මහතා කීය.

දින දෙකකට පෙර අනවසරයෙන් දේශසීමා හරහා ඇතුළුවීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුල් වූ බැවින් ඔවුන් නැවතත් ජෝර්දානයට යවන බව නිවේදනය කර ඇත.

ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු පිළිබඳව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන බව තානාපතිවරයා දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here