Home උණුසුම් පුවත් සහකාර ශාලාධිපති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා සිසුවාට දීලා

සහකාර ශාලාධිපති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා සිසුවාට දීලා

0
සහකාර ශාලාධිපති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා සිසුවාට දීලා

ඊයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මාඑළිය 684 ශීෂ්‍යත්ව සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ ශාලා අංක 02 සහකාර ශාලාධිපති සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

පාසලක විදුහල්පතිධූරයක්ද දරණ එම සහකාර ශාලාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු කොළ කැබැල්ලක ලියා විභාගයට මුහුණ දී සිටි සිසුවෙකුට ලබාදී ඇති බවටය.

‍මේ සම්බන්ධයෙන් අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here