තවත්
    මුල් පිටුවspecialගාසා රොහල්වල ඉන්ධන ඇත්තේ තව පැය 24කට පමණයි

    ගාසා රොහල්වල ඉන්ධන ඇත්තේ තව පැය 24කට පමණයි

    ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන සංචිත පවතින්නේ තවත් පැය 24ක කාලයක් සඳහා පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

    “ විදුලි ජනක යන්ත්‍ර ඉන්ධන අවසන් වීමත් සමඟ ක්‍රියා විරහිතර වීමෙන් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක් කරනු ඇත,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය සිය වෙබ් අඩවියේ සඳහන් කළේය.
    පවතින දැඩි අවදානම්කාරී තත්ත්වයක් සමඟ සහන සැපයීමේ ආයතන රැසක් ගාසා තීරයට ඇතුළු වී විපත පත්වූවන්ට සහන සැලසීමට කළ ඉල්ලිමත් සමඟ ජගත් සංවිධානය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

    මේ අතර ගාසා තීරයේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපනයන සේවය කරන බ්‍රිතාන්‍ය-පලස්තීන ශල්‍ය වෛද්‍යවරයකු වන ගසාන් අබු සිත්තා අනතුරු ඇඟවූයේ තම රෝහලේ කාර්ය මණ්ඩලයට ජනතාවට උපකාර කිරීමට ප්‍රමාණවත් උපකරණ නොමැති බවයි.

    “වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ගත් කල, මෙම හදිසි අවස්ථාවෙහිදී අපිට සෑම දිනකම පාහේ සාමන්‍ය අවස්ථාවක මාසයක් හෝ මාස එකහාමාරකට අවශ්‍ය කරන වෛද්‍ය සැපයුම් භාවිතාර කරන්න සිදුව තිබෙනවා,” යනුුවෙන් ඔහු බීබීසීයට පවසා තිබේ.

    ඊශ්‍රායලය ගාසා තීරයේ සිටින සිවිල් වැසියන් හට ඉවත් වන්නට අනතුරු ඇඟවීම් කළත් එලෙස ඉවත්වන සිවිල් වැසියන් සෘජුව ඉලක්ක කර ප්‍රහාර දිගින් දිගටම එල්ල වන බවට විඩියෝ සාක්ෂි සහිතව වාර්තා වී තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව ඒ සම්බන්ධයෙන්තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img