Home උණුසුම් පුවත් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් අරියි

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් අරියි

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් අරියි

ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම දොරටු තුළින් තත්ත්පරයට ඝන අඩි 7000ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හරින බව පොල්ගොල්ල කාර්යයභාර ප්‍රධාන ඉංජිනේරු ක්‍රිෂාන්ත ඩයස් මහතා පවසයි.

ඉහළ ජලාධාර ප්‍රදේශයට පතිත වන ධාරානිපාත වැසි නිසා පොල්ගොල්ල වාන් දොරටු හදිසියේ විවෘත කිරීමට හැකි බැවින් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ද ඔහු තවදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here