Home special නවසීලන්තය සහ ආජන්ටිනාව රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

නවසීලන්තය සහ ආජන්ටිනාව රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

0
නවසීලන්තය සහ ආජන්ටිනාව රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට නවසීලන්තය සහ ආජන්ටිනාව ඊයේ (14) සමත්විය.

ප්‍රබල අයර්ලන්තය 28-24 ලෙස පරාජය කළ නවසීලන්තයත් ප්‍රබල වේල්ස් කණ්ඩායම 29-17ක් ලෙස පරාජය කරමින් ආජන්ටිනා කණ්ඩායමත් මෙලෙස රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසිනි.

ඒ අනුව ආජන්ටිනාව සහ නවසීලන්තය ලබන 20වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට මුහුණ දීමට නියමිතය. මේ අතර රග්බි ලෝක කුසලානය 2023 තවත් අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද (15) දිනයේ පැවැත්වෙයි.

ඒ එංගලන්තය සහ පිජි කණ්ඩායම සහ ප්‍රංශය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි. එම තරග පිළිවෙලින් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.30ට හා හෙට අලුයම 12.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here