තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඉන්දු-ලංකා බෝට්ටු සේවය ඇරඹීමෙන් දෙරටේ හදවත් සමීප වුණා" -මෝදි

    “ඉන්දු-ලංකා බෝට්ටු සේවය ඇරඹීමෙන් දෙරටේ හදවත් සමීප වුණා” -මෝදි

    දශක 4කට පසුව ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර අද සිට ඇරඹූ මගී බෝට්ටු සේවාව, දෙරටේ හදවත් සමීප කරන ඉන්දු-ලංකා සබඳතාවන්හි ඓතිහාසික දිනයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    මෙම බෝට්ටු සේවාව අසල්වාසීන් දෙදෙනා අතර පැරණි සමුද්‍ර සබඳතාව පුනර්ජීවනය කිරීම අරමුණු කරන බව ද හෙතෙම කියාසිටී.

    ඉන්දියානු නැව් සංස්ථාව විසින් මෙහෙයවනු ලබන මෙම අධිවේගී බෝට්ටුවක්, මගීන් 150 ක ධාරිතාවයකින් යුක්ත වේ.

    එය මුහුදු තත්ත්වය අනුව පැය 3.5 කින් නාගපට්ටිනම් සහ කන්කසන්තුරය අතර නාවික සැතපුම් 60 (110 km) පමණ දුරක් ආවරණය කරයි.

    මෙම බෝට්ටු සේවය අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්තිය සහ SAGAR දැක්ම සඳහා ද, ජීවන පහසුව සහ ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සඳහා මෝදි රජයේ කැපවීම සංකේතවත් කරයි.

    ඒ අනුව ඉන්දියාවේ නාගපට්ටිනම් සිට ප්‍රථම බෝට්ටුව අද ශ්‍රී ලංකාවේ කන්කසන්තුරයට ළඟා විය.

    දශක හතරකට අධික කාලයකට පසු මෙම බෝට්ටු සේවය නැවත ඇරඹීම දෙරට ආර්ථිකයන්, ජනතාව සහ ශිෂ්ටාචාරයන් වඩා සමීප කරන මෝදි අගමැතිවරයා අවධාරණය කළේය.

    “මෙම බෝට්ටු සේවය එම සියලු ඓතිහාසික සහ සංස්කෘතික සබඳතා පණ ගන්වයි.
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සහ අපේ ජාතීන් අතර දිගුකාලීන බැඳීම් ශක්තිමත් කරනු ඇත. මෙම හවුල්කාරිත්වයේ කේන්ද්‍රීය තේමාව වන්නේ ‘සම්බන්ධකතාවයයි’. සම්බන්ධකතාවය යනු නගර දෙකක් එකිනෙක සමීප කිරීම පමණක් නොවේ. එය අපගේ රටවල්,අපගේ ජනතාව සහ අපගේ හදවත් වඩා සමීප කරයි. සම්බන්ධකතාවය වෙළඳාම,සංචාරක කර්මාන්තය සහ ජනතාව අතර සබඳතා ඉහළ නංවයි. එසේම එය දෙරටෙහිම තාරුණ්‍යයට අවස්ථා නිර්මාණය කරයි. සම්බන්ධකතාවය සඳහා අපගේ දැක්ම ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ඔබ්බට විහිදේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මූල්‍ය සේවා තාක්ෂණය සහ බලශක්තිය වැනි පුළුල් ක්ෂේත්‍ර රැසක් තුළ සමීප සහයෝගයකින් කටයුතු කරයි. ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා හවුල්කාරිත්වය අපගේ ද්විපාර්ශවික සබඳතාවයේ ශක්තිමත්ම කුළුණක් වේ. අපගේ දැක්ම වන්නේ කිසිවකු අත්නොහැර සැමට සංවර්ධනය ළඟා කර දීමයි. අද දින ආරම්භ වූ මෙම යාත්‍රා සේවයත් සමඟ අපි රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර බෝට්ටු සේවා නැවත ඇරඹීම සඳහා ද කටයුතු කරන්නෙමු.” යැයි ද ඉන්දීය අගමැතිවරයා අදහස් දක්වමින් වැඩදුරටත් පැවසීය.

    මෙය 2022 දෙසැම්බර් මස චෙන්නායි සහ යාපනය අතර ඍජු ගුවන්සේවා නැවත ඇරඹීමෙන් පසු තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ද ඉන්දීය රජය අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img