Home දේශීය පුවත් GOSSIP ඉන්දීය විදේශ ඇමති ජයශංකර්, මහින්දට ගෙනා රහස් පණිවුඩය

ඉන්දීය විදේශ ඇමති ජයශංකර්, මහින්දට ගෙනා රහස් පණිවුඩය

ඉන්දීය විදේශ ඇමති ජයශංකර්, මහින්දට ගෙනා රහස් පණිවුඩය

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පසුගියදා මෙරටට පැමිණියේය. ඒ කොළඹ පැවැති ඉන්දයීය සාගර කාලාපීය හමුව ආමන්ත්‍රණය කිරීම සඳහාය.

ඉකුත් 11වැනිදා මෙම හමුව ඇමතීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ හෙතම ඉන්දු-ලංකා සබඳතා තර කෙරෙන ගිවිසුම් 3කට ද අත්සන් තැබුවේය.

සියලුදෙනා ජයශංකර්ගේ නිල සංචාරය එතෙකින් නිමා වූ බවක් කල්පනා කළ ද ජයශංකර් අදාළ ගිවිසුම් අත්සන් තැබීමෙන් පසුව ඉතාම රහසිගතව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට ගියේය.

මෙම හමුව ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා රාජතාන්ත්‍රික මට්ටමේ සූදානම් වීමක් ද නොවීය. ඒ නිසා එම හමුව ගැන මේ දක්වා මාධ්‍ය නිවේදන ද නැත.

අදාළ හමුවේදී ජයශංකර් මහින්දට රහස් පණිවුඩයක් ගෙනාවේය. එම පණිවුඩය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේය.

නිල වශයෙන් එළිපිට කතා නොවුනද ඉන්දියාවේ ඊළඟ නිමේශය ඇත්තේ බල පෙරළියකි. අදාළ බල පෙරළිය සිදුවන්නට යන්නේ ඉන්දියාවට විධායක ජනාධිපති ක්‍රමයක මොඩලයක් හඳුන්වාදීමේ පියවරකි.

එම මොඩලය සාර්ථක වන්නේ නම් නිසැකවම ඉන්දිය ජනාධිපති ධුරයට පත්වන්නේ නරේන්ද්‍ර මෝදිය. නාමික අගමැති වන්නේ මහින්දට මේ පණිවුඩය ගෙනා සුබ්‍රමනියම් ජයශංකර් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here