තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලයට සපෝට් කරනවා කී ධම්මිකම පොහොට්ටුවේ ජනපති අපේක්ෂක වෙයි!

    අරගලයට සපෝට් කරනවා කී ධම්මිකම පොහොට්ටුවේ ජනපති අපේක්ෂක වෙයි!

    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වීම මේ වනවිට තහවුරු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පොහොට්ටුවේ නායකත්වය ද ධම්මික පෙරේරාට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇති අතර පොහොට්ටුවට අලුත් නායකයෙක් පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා මහනුවර දී තහවුරු කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි පොහොට්ටුවේ ඔහුගේ අනුගාමිකයන් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට තේරී පත්වූ ධම්මික පෙරේරා මහතා පසුව පොහොට්ටු ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාව සිටියදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි අභියෝග කළ ධම්මික පෙරේරා තවදුරටත් නිහඩව ඉන්න බෑ මෙතනින් එහාට මමත් අරගලයට සපෝට් එකට එළියට බහිනවා යැයි ප්‍රකාශ කළේය.

    එසේ කී ධම්මික පෙරේරා මහතාට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ කටයුතු කළ හැකි වූයේ දින 16ක් පමණි. ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙල ද අසාර්ථක වූ අතර ප්‍රතිඵලයක් නොමැතිවම ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

    කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ මිළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම තහවුරු වීම මීට පෙර සිදුවූ බවත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරවාරයේ පොහොට්ටුව ප්‍රවර්ධනය සඳහා විකාශය කළ දැන්වීම් වලින් ආරම්භ වූයේ එම ඡන්ද ව්‍යාපාරය බවටත් දේශපාලන ආරංචි පැතිරිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. We have tried the rest for the last 75 years and please put down things you want to do in short, medium and long term.
      Have a 20 year plan drawn up.
      They say that ‘ failure to plan is planning to fail’.
      Please see from people’s point of view. You don’t have to exploit the poor to become rich since you are already rich.
      Give a list of things you will do with a time line you should give the timeline to achieve them.
      Also you should give an assurance to resign if you cannot aachieve what you promised within a given time.
      Good luck D&P.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img