Home special බිහාර්හි දුම්රියක් මාරක අනතුරක

බිහාර්හි දුම්රියක් මාරක අනතුරක

බිහාර්හි දුම්රියක් මාරක අනතුරක

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි සිට ඇසෑම් දක්වා ධාවනය වූ මැදිරි 21කින් සමන්විත ඊසාන-නැගෙනහිර සීඝ්‍රගාමී දුම්රිය රාත්‍රී 9:35 ට පමණ බිහාර් ප්‍රාන්තයේ බුක්සාර් දිස්ත්‍රික්කයේ රඝුනාත්පූර් දුම්රිය ස්ථානයේදී පීලි පැන ඇත.

ඉන්දීය පොලිසිය සඳහන් කරන ආකාරයට දුම්රිය මැදිගි තුනක් පෙරලී ගොස් ඇති බවත් පීලි පැනීමට මූලික වූ හේතුව තවමත් නිෂ්චිතව අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවද ඉන්දීය බලධාරීන් සඳහන් කරයි.

දුම්රිය පිලී පැනීමත් සමඟ එම දුම්රිය මර්ගායේ ගමන් කරන මගී සහ භාණ්ඩ දුම්රිය කීපයක් හරවා යෑවීමට පියවර ගෙන ඇති බවද ඉන්දීය දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here