තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමාස් සටන්කාමීන්ට සහය පළකළ කාමතරුව මියා කලීෆා, ප්ලේබෝයි සඟරාවෙන් දොට්ට

    හමාස් සටන්කාමීන්ට සහය පළකළ කාමතරුව මියා කලීෆා, ප්ලේබෝයි සඟරාවෙන් දොට්ට

    ප්‍රකට නිල් චිත්‍රපට නිළියක සහ නිරූපිකාවක වන මියා කලීෆා සමඟ තම ආයතනය සමඟ පැවති සියලු සබඳතා කපාහැරි බවට, අමෙරිකාවේ වැඩිහිටියන්ට වෙන්වූ සඟරාවක වන ප්ලේබෝයි සඟරාව ප්‍රකාශ කර තිබේ.

    ඒ ඇය හමාස් සංවිධානයට දක්වන පිළිකුල් සහගත සහ හෙළාදැකිය හැකි සහයෝගය හේතුවෙන් බව ප්ලේබෝයි සඟරාව නිකුත් කරන සමාගම පවසයි.

    ඇය විසින් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ, වීඩියෝ සහ අදහස් පළකිරීම් මුදාහරිමින් හමාස් සටන්කාමීන්ගේ ත්‍රස්තවාදී කුරිරුකම් රූගත කරන ලෙස පවා ඉල්ලා සිටියාය.

    වැඩිහිටියන්ට පමණක් නිකුත් කරනු ලබන ප්ලේබෝයි සඟරාව, මේ වනවිට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පළවන අතර, සඳුදා අග භාගයේ සිය ග්‍රාහකයින්ට ඊමේල් මගින් මේ බව දන්වා ඇත. 2022 පෙබරවාරි මාසයේ සිට කලීෆා, ප්ලේබෝයි සඟරාව සමඟ සම්බන්ධ වී කටයුතු කළාය.

    “අපගේ මාධ්‍ය තුළ මියාගේ ප්ලේබෝයි නාලිකාව මකාදැමීම ඇතුළුව මියා කලීෆා සමඟ Playboy ගේ සබඳතාව මුළුමනින්ම අවසන් කිරීමට අප ගත් තීරණය පිළිබඳව ඔබට දැනුම් දී සිටිමු.” ‘Playboy Team’ සිය ග්‍රාාහකයන්ට එලෙස දන්වා තිබුණි.

    “ඊශ‍්‍රායලයට හමාස් සටන්කාමීන්ගේ ප‍්‍රහාර සහ අහිංසක පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඝාතනය කිරීම සමරමින් මියා පිළිකුල් සහගත අදහස් පළ කර ඇත. ‘Playboy හි, අපි නිදහස් අදහස් ප්‍රකාශනය සහ නිර්මාණාත්මක දේශපාලන විවාදය දිරිමත් කරමු. නමුත් අපට වෛරය සඳහා වන ඉවසීමේ ප්‍රතිපත්තිය ශූන්‍ය වේ.” ප්ලේබෝයි සඟරාව කියාසිටී.

    ‘ඔබට පලස්තීනයේ තත්වය දෙස බලා පලස්තීනුවන්ගේ පැත්තේ නොසිටිය හැකි නම්, ඔබ වර්ණභේදවාදයේ වැරදි පැත්තේ සිටින අතර, ඉතිහාසය එය කාලයාගේ ඇවෑමෙන් පෙන්වනු ඇත’ යනුවෙන් මියා කලීෆා සෙනසුරාදා X හි (ට්විටර්හි) සටහනක් මුදාහැර තිබුණි.

    30 වැනි වියෙහි පසුවන මියා කලීෆා ලෙබනන්-ඇමරිකානු වෙබ් කැමරා නිරූපිකාවක සහ හිටපු අසභ්‍ය චිත්‍රපට නිළියකි. ඇය ලෙබනනයේ ඉපදී හැදී වැඩුණු අතර 2001 දී ඇය පවුල සමගින් අමෙරිකාවේ පදිංචි විය. ඇය 2014 ඔක්තෝම්බර් මාසයේ සිට නිල් චිත්‍රපට සඳහා පෙනීසිටි අතර, මාස කිහිපයක් තුළදී වාර්තාගත ලෙස නැරඹුම් වාර ලැබූ කාමතරුවක් ලෙස ප්‍රකට වූවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img