fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇස් රෝගයක් පැතිරේ

    ඇස් රෝගයක් පැතිරේ

    දිවයිනේ ප්‍රදේශ රැසක ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු අවධාරණය කරති.

    වෛරසයක් මගින් පැතිර යන මෙම ඇස් රෝගය අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වයි.

    ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝග ලක්ෂණ ය.

    එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකිය.

    රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ස්පර්ශ වීමෙන් පමණක් බව රෝගය පැතිරේ.

    මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මෙම වෛරස ඇස් රෝගය පැතිර යාමේ අවදානමක් පවතී.

    කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් අතර ද මෙම රෝගය ව්‍යාප්තව ඇතැයි විදුහල්පති, මොහාන් වීරසිංහ මහතා පවසා තිබේ.

    ඒ හේතුවෙන් එම පාසලේ රෝගය පැතිර යන පන්ති නොපවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න