තවත්
    මුල් පිටුවspecialඊශ්‍රායල යුද්ධය ගැන ට්විටර් හිමිකරුට චෝදනාවක්

    ඊශ්‍රායල යුද්ධය ගැන ට්විටර් හිමිකරුට චෝදනාවක්

    හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ‘වැරදි තොරතුරු’ පතුරුවා හැරීමට X (පෙර ට්විටර්) සමාජ ජාලය යොදාගන්නා බවට එහි හිමිකාර එලෝන් මස්ක් වෙත යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ.

    අනතුරු ඇඟවීම් නොතකා, යුරෝපා සංගම් නීතියට අනුව ප්‍රචණ්ඩකාරී සහ ත්‍රස්තවාදී අන්තර්ගතයන් ඉවත් කර නොමැති බව ද යුරෝපා සංගමය පවසයි.

    මස්ක් පැවසුවේ, තම සමාගම විසින් අලුතින් නිර්මාණය කරන ලද හමාස් සංවිධානයට සම්බන්ධ ගිණුම් ඉවත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    චෝදනා කරන ලද උල්ලංඝනය කිරීම් ලැයිස්තුගත කර ලබාදෙන ලෙස මස්ක් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

    යුරෝපීය සංගමයේ අභ්‍යන්තර වෙළඳපොල කොමසාරිස් තියරි බ්‍රෙටන්, මස්ක් වෙත යැවූ ලිපියේ සඳහන් කළ වැරදි පිළිබඳ තොරතුරු ගැන විස්තර ලබා දී නැතැයි වාර්තා වේ.

    කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ ඇතිවූ යුද්ධය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවේ ‘ව්‍යාජ සහ වෙනස් කරනලද පින්තූර සහ කරුණු’ පිළිබඳ බහුලව වාර්තා වන බව ඔහු පැවසීය.

    ඔහුගේ ලිපිය පැමිණෙන්නේ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට දිනක් තුළ රොකට් ප්‍රහාර 5000ක් දියත් කර, සිය ගණනක් නිවැසියන් මරා දමා දුසිම් ගනනක් ප්‍රාණ ඇපයට ගෙන දින කිහිපයකට පසුවය.

    ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මිසයිල ප්‍රහාර දියත් කර ඇති අතර ඉන් පුද්ගලයන් 900කට වැඩි පිරිසක් මිය ගියහ.

    යුරෝපා සංගමයේ ඩිජිටල් සේවා පනත (DSA) දැවැන්ත තාක්ෂණික වේදිකා භාවිතා කරන්නන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇත.

    DSA නීතිරීති උල්ලංගනය කිරීමෙන් X සමාගමේ ගෝලීය ආදායමෙන් 6% ක් තරම් යුරෝපා සංගමය වෙත දඩ මුදල් ගෙවීමට හෝ සේවාව අත්හිටුවීමක් සිදුවීමට හැකියාව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img