Home උණුසුම් පුවත් විදෙස් වෛද්‍ය උපාධි මෙරටදිත් පිළිගන්න නීති සැකසෙයි

විදෙස් වෛද්‍ය උපාධි මෙරටදිත් පිළිගන්න නීති සැකසෙයි

විදෙස් වෛද්‍ය උපාධි මෙරටදිත් පිළිගන්න නීති සැකසෙයි

ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයින් හී වෛද්‍ය උපාධි මෙරට තුල පිළිගැනීම හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාලව ඉදිරිපත් වූ යෝජනාවට කැබින්ට් අනුමැතිය හිමිව තීබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඔුක්වැල්ල මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබණි. එහිදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව පළමු වෛද්‍ය විද්‍යාල දහසට ඇතුලත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් වෛද්‍ය උපාධි සඳහා මෙලෙස පිළි ගැනීම ලබා දීමට තීරණය කර ඇත.

ඊට අදාල ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් වර්තාමන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීම පිණිස 2023.05.02 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනැමතිය ලබා දී තිබිණි.

ඒ අනුව මෙම කමිටුවේ නිර්දේශ මත පදනම්ව කටයුතු කිරීමට හැකිවන පරිදි විධිවිධාන පැනවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාලව අදාල යොජනාව ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here