Home උණුසුම් පුවත් ගාල්ල, මාතර පාසල් ඇරේ – ගංවතුර බැස යයි

ගාල්ල, මාතර පාසල් ඇරේ – ගංවතුර බැස යයි

ගාල්ල, මාතර පාසල් ඇරේ – ගංවතුර බැස යයි

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්‍ දෙයි.

අධික වැසි සහිත කාලගුණයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය, සමස්තයක් ලෙස මේ වනවිට අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ගංගා ධාරා ප්‍රදේශවල පසුගිය දින දෙක තුළ සැලකිය යුතු ලෙස වැසි වාර්තා නොවීම ඊට හේතුවයි.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ මෙම ගංවතුර තත්ත්වය සම්පුර්ණයෙන්ම පහව යනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල තවදුරටත් තරමක ගංවතුර තත්ත්වයක් පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here