Home special පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්

ගාසා තීරයේ කඳවුරු ලා සිටින පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි. කඩිනම් උපදේශන සඳහා ඊයේ (8) පැවති මෙම රැස්වීම පිළිබඳ කිසිදු ලේඛනයක් මෙතෙක් නිකුත් කර නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත චං ජුන් මහතා මෙහිදී අදාළ පාර්ශ්ව වෙතින් ඉල්ලා සිටියේ, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස යි.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ල පළ කරන බවත්, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය යාම සම්බන්ධයෙන් අතිශය කනගාටු වන බවත් හෙතෙම පැවසීය. සටන් විරාමයකට එළඹීම සඳහා උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස ද චීන නියෝජිතයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම, මෙම හදිසි අවශ්‍යතාව කෙරෙහි සංවේදී ව රාජ්‍ය දෙකේ විසඳුම් වෙනුවෙන් පෙනී සිටින්නැයි ද ඔහු ජගත් ප්‍රජාවෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here