Home උණුසුම් පුවත් චීනයට ඓතිහාසික ජයක් හිමිකර දී ආසියානු ක්‍රීඩා උළෙල නිමාවෙයි

චීනයට ඓතිහාසික ජයක් හිමිකර දී ආසියානු ක්‍රීඩා උළෙල නිමාවෙයි

චීනයට ඓතිහාසික ජයක් හිමිකර දී ආසියානු ක්‍රීඩා උළෙල නිමාවෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උ‍ළෙල නිමාවෙයි. සමාප්ති උත්සවය ඊයේ (8) රාත්‍රි චීනයේ හංචෞ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

උ‍ළෙලේ නිමාව නිවේදනය කරනු ලැබුවේ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ වැඩබලන සභාපති රාජා රන්ධීර් සිං මහතා විසිනි.

ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව ඊයේ (8) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝක වාර්තා 15 ක් හා ආසියානු වාර්තා 37ක් බිහි වූ බව එහිදී ප්‍රකාශ කෙරිණ. එසේම ආසියානු ක්‍රීඩා වාර්තා 170 ක් ද මෙවර බිඳහෙළා තිබීම කැපීපෙනේ.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී චීනය රන් පදක්කම් 201 ක්, රිදී පදක්කම් 111 ක් සමගින් ලෝකඩ පදක්කම් 71 ක් ඇතුළුව පදක්කම් 383 ක් දිනාගනිමින් ක්‍රීඩා උළෙලේ වැඩිම පදක්කම්ලාභී රට බවට පත්විය.

ශ්‍රී ලංකාව මෙහිදී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත්තේය. මලල ක්‍රීඩාවලට අමතරව ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ද දිනාගත් අතර මෙවර ක්‍රීඩා උලෙළේ දී මෙරටට හිමි වූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 5කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here