තවත්
    මුල් පිටුවspecialඊශ්‍රායලයට යුද්ධයක් ගෙනා, කවුද මේ හමාස්?

    ඊශ්‍රායලයට යුද්ධයක් ගෙනා, කවුද මේ හමාස්?

     

    පලස්තීනයේ හමාස් සංවිධානය විසින් මෑත කාලයේදී ඊශ්‍රයාලයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ඉකුත් සති අන්තයේදී එල්ල කරනු ලැබීය. මෙම ප්‍රහාරය ඊශ්‍රායලය කිසිසේත්ම බලාපොරෝත්තු නොවූ ආකාරයේ ප්‍රහාරයක් වූ අතර එය එරට බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද ප්‍රංශ කරන මට්ටමක් දක්වා වර්ධනය විය.
    ඒත් ඇත්තටම මේ හමාස් කියන්නේ කවුරුන්ද ? ඔවුන් කුමණ අරමුණක් වෙනුවෙන්ද කටයුතු කරන්නේ?

    හමාස් යනු දේශපාලනික සහ සන්නද්ධ අංශයක් සහිත පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමකි. එය ඊශ්‍රායලය රාජ්‍යය ලෙස පිළිනොගනී. මේ අතර ජර්මනිය, යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ සමහර අරාබි රාජ්‍යයන් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කර ඇත.

    හමාස් සංවිධානය 1980 දශකය අගභාගයේදී ආරම්භ වූ අතර එය මූලික වශයෙන්ම එවකට පලස්තීන ජාතික අධිකාරියේ ජනාධිපති යසර් අර්ෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය විරුද්ධව ආරම්භ කිරීමකි.

    මෑත වසරවලදී ඊශ්‍රායලයට එරෙහිව බොහෝ ප්‍රහාර සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති කසාම් බළකාය ඇතුළු විවිධ මිලිටරි කණ්ඩායම්වලින් හමාස් සමන්විත වේ. එමෙන්ම හමාස් සංවිධානය දේශපාලන පක්ෂයකින් සහ අනෙකුත් ආධාර සපයන සංවිධාන වලින්ද සමන්වියත ය.

    දෙවන නැගීසිටීම

    ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය විසින් 1993 දී ඔස්ලෝ සාම ක්‍රියාවලිය ආරම්භ කරන ලද අතර, සෑම පාර්ශ්වයක්ම අනෙකා හඳුනා ගත්හ. කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් මෙම ඓතිහාසික ගිවිසුම පිළි නොගත් අතර ඊශ්‍රායලය වෙත දිගින් දිගමට ප්‍රහාර එල්ල කිරීම සිදුකරනු ලැබීය.

    මේ අතර දෙවන නැගීසිටීම (2000-2005) අතරතුර, හමාස්, ඉස්ලාමීය ජිහාඩ් සහ ෆාටා ව්‍යාපාරයේ අල්-අක්සා බළකාය ඇතුළු පලස්තීන සටන්කාමී කණ්ඩායම් – ඊශ්‍රායල සිවිල් වැසියන්ට එරෙහිව නොයෙකුත් ප්‍රහාර එල්ල කළහ.
    කෙසේවෙතත් පසුව ඊශ්‍රායල හමුදාව ඔස්ලෝ ගිවිසුම යටතේ රාමල්ලා ඇතුළු පලස්තීන ස්වයං පාලනය යටතේ පවතින පලස්තීන නගර වෙත සංක්‍රමණය විය. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2000 සැප්තැම්බර් සහ 2007 ජූලි අතර සටන්වලදී පලස්තීනුවන් 4,228 ක්, ඊශ්‍රායල ජාතිකයන් 1,024 ක් සහ විදේශීය ජාතිකයන් 63 ක් මිය ගොස් තිබේ.

    හමාස් ගාසා තීරයට 

    සටන්කාමී හමාස් සංවිධානය 2006 පලස්තීන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රාහකයා බවට පත්විය. ඒත් සමඟම 2007 වර්ෂයේ දී හමාස්, පලස්තීන විමුක්ති සංවිධානය සමන්විත වන ජාතිකවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන ෆාටා ව්‍යාපාරයට එරෙහිව එලල් කළ දැඩි සටන් වලින් පසුව ගාසා තීරයේ පාලනය අත්පත් කර ගත්තේය.
    ඒ අනුව එතැන් සිට, අන්තර්-පලස්තීන දේශපාලන භේදයක් නිර්මාණ්‍ය වීය. එහි ප්‍රතිඵලයක් ලෙස හමාස් සංවිධානය ගාසා තීරය පාලනය කරන අතර, ෆාටා පක්ෂය විසින් ආධිපත්‍යය දරන පලස්තීන අධිකාරිය බටහිර ඉවුරේ අර්ධ වශයෙන් ස්වයං පාලන ප්‍රදේශ පාලනය කිරීම සිදුකරයි.

    ඉන් අනතුරුව ඊශ්‍රායලය විසින් ගාසා තීරය සතුරු ප්‍රදේශයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතරම ගාසා හී නිරිතදිග මායිම බෙදා ගන්නා ඊජිප්තුව විසින් අර්ධ වශයෙන් ක්‍රියාත්මක කරන ලද එහි පුළුල් හා අඛණ්ඩ වසා දැමීම දැඩි කළේය

    ගාසා තීරය යනු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශයකි. ජනගහනයෙන් වැඩි කොටසක් දරුණු දරිද්‍රතාවයේ ජීවත් වන අතර ඔවුන් බොහොමයකගේ ජීවිත මානුෂීය ආධාර මත රඳා පවතී. මේ අතර හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් ඔවුන් සිය ආත්ම ආරක්ෂාවට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම 2008 සහ 2009 ත් 2012, 2014 සහ 2021 යන කාලවලදී ඊශ්‍රායල හමුදාව සමඟ සන්නද්ධ ගැටුම් හතරක් හමාස් සංවිධානය සිදුකර ඇත.

    පළමු ගාසා යුද්ධය

    2008 දෙසැම්බර් 27 වැනිදා පළමු ගාසා යුද්ධය ආරම්භ විය. එය පලස්තීන සටන්කාමී කණ්ඩායම් විසින් ඊශ්‍රයාලයේ සිවිල් වැසියන් සහ ගාසා තීරය ආසන්න ප්‍රදේශ වලට දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල කරමින් ආරම්භ කරනු ලැබීය. ඊට පිළිතුරු වශයෙන් ඊශ්‍රායාලය ආරම්ශ කළ මෙහෙයුම 2009 වර්ෂයේ ජනවාරි 18 වැනි දින දක්වා ක්‍රියාත්මක විය.

    මේ අතර ගාසා තීරයේ හමාස් සහ ඊශ්‍රායලය අතර 2012 නොවැම්බර් 14 වැනි දින තවත් යුද්ධයක් ආරම්භ වූ අතර මෙවර එය දින අටක් පැවතුනි. යන්තම් වසර එකහමාරකට පසුව, තුන්වන ගාසා යුද්ධය 2014 ජූලි 8 වන දින ආරම්භ විය. එය ඊශ්‍රායලය දෙසට ගාසා තීරයේ සිට අඛණ්ඩ රොකට් ප්‍රහාරයකින් පසුව ආරම්භ විය. එය අගෝස්තු 26 වැනිදා තාවකාලික සටන් විරාමයකින් අවසන් විය.

    2021 මැයි 10 වන දින හමාස් ජෙරුසලමට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර නැවත යුද්ධයක් ඇති විය. ෂෙයික් ජරා හි ආසන්න ප්‍රදේශයන් හී පලස්තීන නිවාස බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ ටෙම්පල් මවුන්ට් සහ අල් අක්සා මුස්ලිම් පල්ලියේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නැගෙනහිර ජෙරුසලමේ සති ගනනාවක පැවති නොසන්සුන්තාවයෙන් පසුව මෙම ගැටුම ඇති විය.

    මෙම ගැටුමද 2021 මැයි 21 වන දි සටන් විරාමයකින් අවසන්විය. එහෙත් එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව ගාසා තීරයේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මෙම ගැටුමෙන් මරණයට පත්විය.

    නමුත් යලිත් ගාසා තීරයේ ගටුම් ඇතිව තිබෙන අතර එය මෙම ලිපිය සකස්කරන අවස්ථාව වන විටත් ගැටුම් තවදුරටත් උග්‍රවෙමින් පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img