Home උණුසුම් පුවත් ජීවමානව උන් පුරාවෘත්තයක් දිවියෙන් සමුගනී

ජීවමානව උන් පුරාවෘත්තයක් දිවියෙන් සමුගනී

ජීවමානව උන් පුරාවෘත්තයක් දිවියෙන් සමුගනී

සිනමාව, වේදිකාව, පුංචි තිරය තුළ රංගනයෙන් නොනැවතී, ගායනය, ලේඛකත්වය, නිවේදනය, වැඩසටහන් නිෂ්පාදනය, අධ්‍යක්ෂණය මෙන්ම ඉතිහාස විශ්ලේෂකයකු ලෙස බොහෝ ක්ෂේත්‍රයන් තුළ ප්‍රවීනත්වය දැරූ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ.

ජැක්සන් ඇන්තනි මහතා වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු‍‍ට අයත් කැබ් රථය
අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීහු දැනුම් දෙති.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා කලාකාරිනියක වන කුමාරි මුණසිංහ මහත්මියගේ සැමියා වන අතර, කලාවේ ජනප්‍රියත්වයට පත්ව සිටින මාධවී වත්සලා, අකිල ධනුද්ධර, සජිත ඇන්තනි යන දූදරුවන්ගේ ආදරණීය පියායි. ජැක්සන් මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකි.

දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී මහතා සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් සිදුකළේ මිල කළ නොහැකි මෙහෙවරකි.

හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය හෙවත් “පනාපත්‍ර කුහුඹුපැණියා” ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට යළි කිසිදු දිනෙක පිරවිය නොහැකි හිස්තැනක් ඇතිකරන අතිමහත් පාඩුවකි.

ජීවමාන පුරාවෘත්තයක් බඳු වූ, ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි මහතාණෙනි, ඔබට නිවන් සුව!!!

https://youtu.be/__VAXxKs2mM?t=5156

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here