යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව කාලගුණය ආශ්‍රික ව්‍යවසයනයන් හේතුවෙන් ගතවූ වසර හයක කාලය තුලදී රටවල් 44ක ළමුන් කෝටි 4කට අධික පිරිසක් අවනතැන් වී ඇති බවට අනාවරණය වේ.
එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට දිනකට ළමුන් විසි දහසක් පමණ අවතැන් වී ඇති බවටද අනාවරණය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුකත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම විශ්ලේෂණයට අනුව අයහපත් කාලගුණ තත්ත්වයන්ට නිරාවරණය වීම වලට ලක්වන ළමුන් වැඩිම පිරිසක් සිටින රටවල් බවට පත්ව ඇත්තේ චීනය සහ පිලිපීනයයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම රවටල පවතින දැඩි කාලගුණ තත්ත්වයන්ට ළමුන් සෘජුවම නිරාවණය වීමයි.
එමෙන්ම චීනයේ සිටින ළමා ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන්ද ඉහළ අගයක් ගෙන තිබීමද මීට එක් හේතුවක් වී ඇති බවද යුනිසේෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව මගින් පෙන්වා දෙයි.
මේ අතර සාපෙක්ෂව අඩු ළමා ජනගයක් සිටින කුඩා දූපත් රාජ්‍යන් වන ඩොමිනිකා සහ වනුවාටු දූපත්ද නිර්තරයෙන් සුලි කුණාටු වලට නිරන්තරයෙන් මුහුණ දීම හේතුනේ එම දූපත් වල ළමුන්ට ද දැඩි බලපෑමක් එල්ලවී තිබේ. එමෙන්ම සෝමාලියාවේ සහ දකුණු සුඩානයේ සිටින ළමුන් හට විශාල වශයෙන් ජලගැලීම් වලට මුහුණදීමට සිදුව ඇත.
2016 වර්ෂයේ සිටි 2012 දක්වා කාලය තුල වර්තා වූ කුණාටු සහ ගුංවතුර තත්ත්වයෙන් හේතුවෙන් ළමුන් හාරකොටි නව ලක්ෂයක් අවතැන් වී ඇත. එම අගය අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ සමස්ථ ළමුන් සංඛ්‍යාවෙන් සියට අනූපහක් පමණ වේ.
මේ අතර නියං තත්ත්වයන් හේතුවෙන් ළමුන් ලක්ෂ දහතුනක් පමණ අවතැන් වී බවද අදාල වාර්තාව මගින් අනාවරණය කරයි.
ගංවතුර සහ කුණාටු 2016 සහ 2021 අතර වාර්තා වූ ළමා අවතැන්වීම්වලින් මිලියන 40.9ක් – නැතහොත් සියයට 95ක් – වඩා හොඳින් වාර්තා කිරීම සහ වඩාත් පූර්ව-භංගාත්මක ඉවත් කිරීම් හේතුවෙන්. මේ අතර, නියඟය නිසා ළමුන්ගේ අභ්‍යන්තර අවතැන්වීම් මිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක් – සෝමාලියාව සමඟ නැවතත් වඩාත්ම පීඩාවට පත් වූ අතර, ලැව්ගිනි හේතුවෙන් ළමා අවතැන්වීම් 810,000 ක් ඇති වූ අතර, 2020 දී පමණක් තුනෙන් එකකට වඩා සිදු විය. කැනඩාව, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය වැඩිපුරම වාර්තා කර ඇත.
මීට අමතරව ලැව්ගිනි හේතුවෙන් ද ළමුන් අටලක්ෂ දසදහසක් පඹන අවතැන් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. එමෙන්ම ගැටුම් පවතින කළාප වල ජීවත්වන ළමුන් කාලගුණ තත්ත්ව වලින් බලපෑම් වලට ලක්වීම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පේනවා දෙයි.