තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලිබර්ටි වටරවුමේදී බසයක් මතට ගසක් වැටී අනතුරක්

    ලිබර්ටි වටරවුමේදී බසයක් මතට ගසක් වැටී අනතුරක්

    Update: ලිබර්ටි වටරවුම අසලදී ලංගම බසයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ගිනි නිවන ඒකක හා සෙසුපිරිස් බසය තුළ සිටි පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම පහත වීඩියෝවෙන් දැක්වේ.

    ————–

    කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරේ ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක සිරවී සිටි පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

    බස් රථයේ සිරවී සිටි පුද්ගලයින් පිරිසක් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    ඒ තුළ කොටුවී සිටින පුද්ගලයින් මුදාගැනීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරමින් සිටි.

    අනතුරෙන් පසු ඩුප්ලිකේෂන් පාර තාවකාලිකව වසා දැමූ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

    සියලුම දෙනා පාහේ එලියට ගැනීමට හැකිව ඇති බවද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img