Home special චීනයේ සතියක් තුළ දුම්රිය ගමන් වාර මිලියන 100 පනී

චීනයේ සතියක් තුළ දුම්රිය ගමන් වාර මිලියන 100 පනී

චීනයේ සතියක් තුළ දුම්රිය ගමන් වාර මිලියන 100 පනී

පසුගිය දින 07 තුළ චීනයේ වාර්තා වී ඇති සමස්ත දුම්රිය ගමන් වාර සංඛ්‍යාව මිලියන 114 ක් බව, එරට රජයේ දුම්රිය සේවය පවසයි.

සැප්තැම්බර් 29 වැනිදා සිට දින 8ක මැද-සරත් උත්සව හා ජාතික දින නිවාඩුව හේතුවෙන් විශේෂ සංචාරක ගමනාගමන ආරම්භ වූ අතර, දුම්රිය සේවා ආරක්ෂිත ව සහ ක්‍රමවත්ව පවත්වාගෙන යන බව එම නිවේදනයේ දැක්වේ. ප්‍රවාහන ඉල්ලුම සපුරාලීම සඳහා දුම්රිය 11,679 ක් සේවයේ යොදවා තිබේ.

නිවාඩුවෙන් පසු යළි ජනතාව ගම්බිම් හා රාජකාරි ස්ථාන කරා යාමේ දී ඉහළ ගමන් වාර සංඛ්‍යාවක් ඔක්තෝබර් 5, 6 දෙදින යළිත් වාර්තාවනු ඇතැයි ද දුම්රිය සේවා පිළිබඳ නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here