Home උණුසුම් පුවත් “බටහිර රටවල් නොකරන ජාත්‍යන්තර පරීක්ෂණ අපෙන් ඉල්ලන්නේ ඇයි අපේ රට ‘සෙකන්ඩ් ක්ලාස්’ ද?”

“බටහිර රටවල් නොකරන ජාත්‍යන්තර පරීක්ෂණ අපෙන් ඉල්ලන්නේ ඇයි අපේ රට ‘සෙකන්ඩ් ක්ලාස්’ ද?”

“බටහිර රටවල් නොකරන ජාත්‍යන්තර පරීක්ෂණ අපෙන් ඉල්ලන්නේ ඇයි අපේ රට ‘සෙකන්ඩ් ක්ලාස්’ ද?”

ශ්‍රී ලංකාව වැනි දුප්පත් ආසියාතික රටවල සිදුවන ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කරන්නැයි ඉල්ලා සිටින්නේ අප රට දෙවැනි කොට සළකන නිසාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බටහිර මාධ්‍යවලින් විමසයි.

ජර්මනියේ රජය සතු DW (Deutsche Welle) මාධ්‍ය ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී විමසූ පැනයකට පිළිතුරු දෙමින්, මෙරටදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ජනාධිපති අවධාරණය කළේය.

එමෙන්ම ස්වාධීන කොමිෂන් සභා මගින් සහ රටවල් ගණනාවක රහස් ඔත්තු සේවා සහභාගිත්වයෙන් පරීක්ෂණ අවසන් කොට වාර්තා සකස් කර තිබියදී, චැනල් 4 වැනි මාධ්‍ය වාර්තාවක් සහ මෙරට අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රකාශයක් පමණක් සළකමින් මෙරට රජයට එල්ල කරන බරපතළ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා මෙහිදී විදෙස් මාධ්‍යවේදියාට පැවසීය.

එමෙන්ම මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වාර්තාව ද මුළුමනින්ම වැරදි බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

සම්මුඛ සාකච්ඡාවට පැමිණීමට පෙර සූදානමින් යුතුව, පැමිණෙන ලෙසත් සාකච්ඡාවට තුළදී බටහිර මානසිකත්වයෙන් මිදෙන ලෙසත් හෙතෙම වැඩිදුරටත් විදෙස් මාධ්‍යවේදියාට අවධාරණය කළේය.

DW පුවත් සේවය සමඟ ජනාධිපතිවරයා කරන ලද සාකච්ඡාව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here