Home උණුසුම් පුවත් පුහුණු තරඟය: ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව පරදයි

පුහුණු තරඟය: ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව පරදයි

පුහුණු තරඟය: ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව පරදයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වෙයි.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුහු පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 294 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 158 ක්, සධීර සමරවික්‍රම ලකුණු 39 ක් හා පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here