දිස්ත්‍රික් ගණනාවක පවතින අධික වැස්සෙන් දිස්ත්‍රික්ක 4ක 15,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව පවුල් 3672ක පුද්ගලයින් 15,496 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
රත්නපුර, කළුතර, ගම්පහ සහ මාතර යන දිස්ත්‍රික්කවලට පවතින කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත.
අධික වැසි, තද සුළං, ගංවතුර හා සුළු නායයාම්, ගස් කඩාවැටීම් යනාදියෙන් නිවාස 376කට ද හානි සිදුව තිබේ.
මේ අතර ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට හෙට දිනය දක්වා මිලිමීටර් 100කට අධික වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අනාවැකි පළ කර ඇත.