අත්තනගලු ඔය, කළු ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ යනාදි ගංගා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානම පිළිබඳ අනතුරු අඟවා තිබේ.
ඉදිරි පැය 24 සඳහා මෙම අවදානම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, අත්තනගලු ඔයේ ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම අවදානම් තවදුරටත් පවතින බවයි.
ගිංගඟ ද්‍රෝණියේ වැලිවිටියදිවිතුර, බද්දේගම, නියාගම නෙළුව, තවලම, නාගොඩ, ඇල්පිටිය බෝපේපොද්දල ප්‍රදේශවලද ගංවතුර අවදානම තවදුරටත් පවතී.
කළු ගඟේ කුඩගඟ උප ද්‍රෝණියේ පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රදේශවලටද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
නිල්වලා ගංගාවේ කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රදේශවලට ද මෙම අවදානම් පවතී.