Home උණුසුම් පුවත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක නි‍දොස් කොට නිදහස්

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක නි‍දොස් කොට නිදහස්

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක නි‍දොස් කොට නිදහස්

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

32 හැවිරිදි ඔහු නිදොස් කොට නිදහස් කරන බව‍ට විනිසුරු සාරා හගට් විසින් බ්‍රහස්පතින්දා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් දැනහඳුනාගත් කාන්තාවක් විසින් ධනුෂ්කට එරෙහිව ලිංගිකව අපයෝජන චෝදනා කරමින් ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුව විභාග කිරීම පසුගිය 21 වනදා අවසන් කෙරුණි.

“දෙදෙනා එක්වූ අවස්ථාවේදී වූ සංසර්ගය අඛණ්ඩව පැවති නිසා විත්තිකරුට සංසර්ගයේදී කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිවලින් තහවුරු වෙනවා.” විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියාය.

නීත්‍යානුකූලව නම් කළ නොහැකි යැයි කියන වින්දිතයා, හිතාමතාම බොරු සාක්ෂි ලබා නොදුන් නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට අවාසිදායක ලෙස සාක්ෂි ‍ලබාදීමට බුද්ධිමත් සාක්ෂිකරුවෙකු බව විනිසුරුවරිය කිවාය.

‘පැමිණිල්ලට අදාළ සාක්ෂි පැමිණිලිකරුට සහාය නොදක්වන බව මට පෙනී යයි. ඒ වෙනුවට එය ඇගේ සාක්ෂිවල විශ්වසනීයත්වය යටපත් කරයි.’ විනිසුරුවරිය පැවසුවාය.

2022 නොවැම්බරයේදී මෙම සිදුවීම වූ අතර ධනුෂ්ක අත්අඩංගුවට ගැනීම නිසා ඔහුට ශ්‍රී ලංකාවට ඒමට නොහැකි විය.

ඕස්ට්‍රේලියාවේදී මේ දක්වා පැවති නඩු විභාගය අතරතුර ගුණතිලකට ඇප ලැබී ඇති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හෝ ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි විය.

1 COMMENT

  1. ධනුෂ්ක ඔස්ට්‍රේලියාවට ගියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම මව්බිම නියෝජනය කිරීමටයි.එහෙව් කෙනා වෙන ක්‍රීඩා වලට යන එක වැරදියි.බල්ලෝ එක්ක නිදා ගත්තහම නැගිටින්නෙමැක්කො එක්ක.

Leave a Reply to Lakshman A wijemanne Cancel reply

Please enter your comment!
Please enter your name here