Home උණුසුම් පුවත් දිස්ත්‍රික් 7කට අද මහ වැසි

දිස්ත්‍රික් 7කට අද මහ වැසි

දිස්ත්‍රික් 7කට අද මහ වැසි

අද(27) දිනයේදී දිවයිනේ දිස්ත්‍රික් 7කට මිලිමීටර් 100කට අධික තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට මෙසේ අධික වැසි ඇතිවීමේ හැකියාව පවතී.

පුත්තලම, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලට ද අද දිනයේ වැසි ලැබෙන බව කාලගුණ විද්‍යාඥයෝ‍ පෙන්වා දී තිබේ.

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිත කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here