Home උණුසුම් පුවත් කොවිඩ් නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ ගිහින්

කොවිඩ් නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ ගිහින්

කොවිඩ් නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ ගිහින්

මධ්‍යම පළාත් පාසල් ළමුන්ගෙන් 4 -5 පන්තිවල දරුවන්ගේ සාක්ෂරතා මට්ටම සාධනීය තත්ත්වයක ඇත්තේ 3%ක් දරුවන් පිරිසකගේ පමණක් බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර ගෙන තිබේ.

කොවීඩ් වසංගතය පැවැති සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුලු මූලික ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීමට නොහැකිවීම ඊට ප්‍රධාන හේතුවක් යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා පැවසීය.

ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 සිට 11 වසර තෙක් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම් මැන බලා ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම පිණිස ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි ලේකම්වරයා කියා සිටියේ ය.

මධ්‍යම පළාත් දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යංශ ලේකම්වරයා කීවේය.

මධ්‍යම පළාත් අධ්‍යාපනය සමස්ථ අධ්‍යාපනයෙන් 07 වන ස්ථානයට පත්ව ඇති අතර අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෙටි, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් දියත් කරන බව ද ඒ මහතා කීහ.

ගුරු පුරප්පාඩු විශාල හේතුවක් වන බවත් පන්දහසක් පමණ වන මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම අසීරු කාර්යයක් වන බැවින් මේ වන විට ස්වෙච්ඡා ගුරුවරුන් බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇතැයි ද පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here