තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගංජා, අයිස්, හොරොයින් ආදී මත්ද්‍රව්‍ය භාවි තා කර රිය ධාවනය කරන රියදුරන්...

    ගංජා, අයිස්, හොරොයින් ආදී මත්ද්‍රව්‍ය භාවි තා කර රිය ධාවනය කරන රියදුරන් අල්ලන්න අද සිට මෙහෙයුම්

    මත්ද්‍රව්‍ය භාවිතාකර රිය ධාවනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් අද (17) සිට බස්නාහිර පළාතින් ආරම්භකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    ගෝලීය රථ වාහන සුරක්ෂිතතා සතිය අද (17) ආරම්භ කරමින් එම මෙහෙයුම් දියත් කරයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් ඛේටයෙන් සහ මුත්‍රා මගින් හදුනා ගැනීමේ උපකරණ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවෙන් පොලීසියට පරිත්‍යාගයක් ලෙස ලැබීමත් සමග මෙම මෙහෙයුම් දියත්වනු ඇත.

    මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව විසින් එම උපකරනවලට අමතරව අදුරු වීදුරු පරීක්ෂා කිරීමේත් , ලේසර් තාක්ෂණයෙන් අධික වේගයෙන් ධාවනය කෙරන රථවාහන හදුනා ගැනීමේ නවතම වේග මාපකත්, අධික ශබ්දයෙන් ධාවනය වන රථවාහන හදුනා ගැනීමේත් උපකරණ ශ්‍රී ලංකා පොලීසියට අද භාරදුන්නේය.

    වසර පහක කාලයක් ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 150 ක අධාර ලබාදීම සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සහ මහජන ආරක්ෂක අමාත්‍යාශය අතර අවබෝධතා ගිවිසුමක්ද අද අත්සන් තබා ඇත. මෙම උපකරණ ශ්‍රී ලංකා පොලීසියට පරිත්‍යාගයක් ලෙස ලැබී ඇත්තේ ඒ අනුවය.

    Virus-free. www.avast.com
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img