Home special යක්ෂ ‍බෝනික්කා ‘චකී’ මාංචු දමා පොලිස් අත්අඩංගුවට

යක්ෂ ‍බෝනික්කා ‘චකී’ මාංචු දමා පොලිස් අත්අඩංගුවට

යක්ෂ ‍බෝනික්කා ‘චකී’ මාංචු දමා පොලිස් අත්අඩංගුවට

මිනිසුන් බිය ගැන්වීමට සැබෑ පිහියක් අතැතිව සිටි චකී යක්ෂ බෝනික්කා මෙක්සිකෝවේ පොලීසිය විසින් මාංචු දමා අත්අඩංගුවට ගෙන ති‍බේ.

ඒ ‍එම බෝනික්කාගේ හිමිකරු ද සමඟිනි.
කාලෝස් එන් නමින් හඳුන්වන එම හිමිකරු විසින් චකී බෝනික්කන් වර්ගයට අයත් මෙම බෝනික්කා යොදාගෙන මිනිසුන් බියගන්වා මුදල් පැහැරගෙන තිබේ.

ජනතාවගෙන් ලද පැමිණිලිවලට හා ඉල්ලීම්වලට අනුව බෝනික්කාට ද මාංචු දැමීමට එරට පොලීසියට සිදුවිය.

සාමය කඩ කිරීම සහ අන්‍යයන්ගේ අඛණ්ඩතාව අවදානමට ලක් කිරීම යන චෝදනා දෙකම මොවුන් දෙදෙනාට එල්ල විය.

මොන්ක්ලෝවා හි පොලිස් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරිනියෙක්, චකීගේ දිගු පිහිය අතට ගත් විට බෝනික්කා සිනාසෙනු දක්නට ලැබිණි.

මෙක්සිකානු මාධ්‍ය වාර්තා කළේ චකීට මාංචු දැමූ නිලධාරිනිය ඇගේ රැකියාව බැරෑරුම් ලෙස නොසලකන නිසා පසුව තරවටුවට ලක්වූ බවයි.

කාලෝස් ‘එන්’ පසුව මුදා හරින ලද අතර, චකී බෝනික්කා සිටින ස්ථානය තවමත් නොදන්නා බව එරට වාර්තා පවසයි.

චකී නම් බෝනික්කා ප්‍රසිද්ධියට පත්වූයේ 1988 වසරේ තිරගත වූ ‘Child’s Play’ ත්‍රාසජනක චිත්‍රපටයෙන් පසුවය.

එම චිත්‍රපටයේ කතාවෙහි දාම ඝාතකයකු විසින් Voodoo භාවිතයෙන් ඔහුගේ ආත්මය චකී බෝනික්කා වෙත මාරු කර ඇත.

බෝනික්කා ප්‍රමාණයෙන් කුඩා වුවද, සම්පූර්ණයෙන් වැඩුණු මිනිසෙකුගේ ශක්තිය චකීට තිබුණි.

බෝනික්කන් පිළිබඳ භීතිය දනවන එම චිත්‍රපටය නරඹා ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සිදු කළ 11 හැවිරිදි ළමුන් දෙදෙනෙකු විසින් 1993 දී ලිවර්පූල් හි ජේම්ස් බල්ගර් නම් 2 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කිරීමෙන් පසු Child’s Play සහ එහි අනුක්‍රමික කතා දෙකම තහනම් කරන ලදී.

චකී බෝනික්කන් සෙසු බෝනික්කන්ට වඩා බෙහෙවින් මිල ද අධික ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here