ඉන්දු කැනඩා අර්බුදය තවදුරටත් වර්ධණය කරමින්, කැනඩාව ත්‍රස්තවාදීන් හට ආරක්ෂීත තෝතැන්නක් බවට පත්ව ඇති බව ඉන්දියාව චෝදනා කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශක අරින්දාම් බග්චි විසින් සිකුරාදා දිනයේදී මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කර තිබිණි. එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක සඳහන් කර සිටියේ කැනඩාව ඉන්දියාවට චෝදනා එල්ල කරන අවස්ථාවේදී සිය ජාත්‍යන්තර ප්‍රතිරූපය සම්බන්ධයෙන්ද සැලකිලිමත් විය යුතු බවයි.
එහිදී තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ, “ඔබ කීර්ති නාමයට හානි කිරීම ගැන කතා කරනවා වගේම ඒ ගැන සොයා බලන රටක් තිබෙනවා නම් , මම හිතන්නේ එය කැනඩාව වියයුතුයි. අද වන විට ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට ආරක්ෂිත තෝතැන්නක් බවට කැනඩාව පත් වෙමින් පවතිනවා.” යනුවෙනි.
මේ අතර ඉන්දීය රජය විසින් කැනඩා ජාතිකයින් හට ඉන්දියාවට ඇතුළු වීමට අවශ්‍ය වීසා ලබා දීම නවතා දැමීම සම්න්ධයෙන්ද විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සඳහන් කර තිබිණී. එහිදී ප්‍රකාශක සඳහන් කර සිටියේ, “ ඇත්තමට ගැටලුව වෙලා තියෙන්නේ ප්‍රචන්ඩත්ව වර්ධණය වීමයි. එහිදී කැනඩා බලධාරීණ් අපගේ මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අඩපන වන ආකාරයෙ පරිසරයක් ඇති කිරීමට කටයුතු කර තිතබෙනවා. ඒ නිසයි අපිට වීසා ලබා දීම ඇතුළු සේවාවන් සැපයීම අභියෝගයක් වී තිබෙනනේ“ යනුවෙනි.
දිනෙන් දින කැනඩාව සහ ඉන්දියාව ඉදිරිපත් කරන ප්‍රාකාශ තත්ත්වය වර්ධණය කිරීමක් පෙන්නුම් කරනු ලබන ගෝලීය වශයෙන්ද දැඩි බලපෑමක් ඇති කිරීමට මෙය සමත්ව තිබේ.
ඒ අනුව මෙම ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වෙන ආකාරයක් පෙන්නුම් කරයි. එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ රජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ද මෙම ගැටුමට මැදිහත්ව තිබේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය රජය කනඩාව කරනු ලබන පරීක්ෂණ සදහා සහය ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත් එක්සත් ජනපදයද මෙම තත්ත්වයේදී ඉතා ආරක්ෂාකාරීව කටයුතු කරනු ලබන ආකාරයක් පෙනීයයි. ඊට මූලිකම හේතුව වී ඇත්තේ ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් හට ඉතාම වැදගත් පාර්ශවකරුවකු වන බැවිනි.
ඉන්දියාව මේවන ලොව පස්වන විශෘලතම ආර්ථීකය බවට පත්ව ඇති අතර එක්සත් ජනපදයේ ප්‍රබලතම අභීයෝගය වන චිනයට මුහුණ දීමට ඉන්දියාව අතිශ්‍ය වැදගත් පර්ශවකරුවකු වී ඇත. ඒ අනුව ඉන්දියාව අතර පවතින මිත්‍රත්තවය පළුදු කර ගැනීම එක්සත් ජනපදයට බරපතල පාඩුවක් වන බැවින් තත්ත්වය සමනය කිරීමට ඉතා වැදගත් පියවරක් වනු ඇත.