තවත්
    මුල් පිටුවspecialඉන්දු-කැනඩා ආරවුල උඩුදුවන ලකුණු

    ඉන්දු-කැනඩා ආරවුල උඩුදුවන ලකුණු

    ඉන්දියාව සහ කැනඩාව අතර මේවන විට ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් කැනඩා අග්‍රමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ යලිත් වරක් ඉන්දීය රජය විසින් බෙදුම්වාදී අදහස් දක්වූ සික් ජාතිකයෙකු කැනඩාව තුල ඝාතනය කළ බවට චෝදනා කළේය.

    කැනාඩා අග්‍රමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කරනු ලැබුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මහා මණඩල සමුළුවට අතරතුරදී මාධ්‍ය වේදින්වෙත ප්‍රකාශයක් ලබා දෙමින්ය. එහිදී අග්‍රමාත්‍ය ටෘෘඩෝ සඳහන් කර සිටියේ අදාල සික් ජාතිකයා ඝාතනය ඉන්දියාන නියෝජිතයින් සම්බන්ධ බවට සනාථ කළ හැකි සාක්ෂි පවතින බවයි.
    “මම ඉකුත් සඳුදා කිව්වා වගේම අපිට මෙම සික් ජාතිකයා ඝාතනය කිරීමට ඉන්දියාව නියෝජිතයින් සම්බන්ධ වී ඇත බව සනාථ කිරීමට ප්‍රබල සාක්ෂි තිබෙනවා.“ යනුවෙන්ද ඔහු මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කළේය.

    කෙසේවෙතත් මෙහිදී කැනඩා අග්‍රමාත්‍යවරයාගෙන් මාධ්‍යෙව්දීන් විසින් ඔහුගේ ප්‍රකාශ සනාථ කරන සාක්ෂි හී සත්‍යතාව කෙතරම්ද යන්න විමසා සිටියද ඊට පිළිතුරක් ලබාදීමෙන් වැලකී සිටීමට ටෘෘඩෝ අග්‍රාමාත්‍යවරයා පියවරගෙන තිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමටද පියවර ගත් බවත් එහිදී සිය කණස්සල්ල ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඉදිරිපත් කළ බවද හෙතෙම පැවසීය.

    අදාල සික් ජාතිකයා ඉකුත් ජුනි මාසයේදී මරණයට පත්වූ අතර ඔහු ඉන්දියාව විසින් අසාදු ලේඛණයටද ඇතුලත් කර ත්‍රස්තවාදියෙකු ලෙස නම්කර තිබිණි. මෙම සික් ජාතිකයා ඉන්දියා තුල සික් ජාතිකයින්ට ස්ව්‍යං පාලනයක් සහ ඔවුන්ට වෙන්වූ දේශයක් බිහි කළයුතු බවට මතවාදයක් පැතරවීමට කටයුතු කළ අයෙකි.

    ඔහු වැනිම ඉන්දියාවෙන් පිටත ජීවත් වෙමින් බෙදුම්වාදී අදහස් දරන සික් ජාතිකයින් විශාල පිරිසක් සිටින අතර ඉන් බහුතරයක් කැනඩාවේ වාසය කරයි. එමෙන්ම කැනඩාවේ ජනගහනයනේ සියයට තුනකට අධික ප්‍රතිශතයක් සික් ජාතකියින් වන අතර ඔවුන් අතර ප්‍රබල තනතුරු සහ ඉහළ වත්කම් හෙබි විශාල පිරිසක් සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img