තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තමාව පැහැරගෙන ගොස් පහරදී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බවට වලස්මුල්ල පොලීසියට බීඩි කොළ ආශ්‍රිත ව්‍යාපාරයක නිරත පුද්ගලයෙක් විසින් වලස්මුල්ල පොලීසියට ඊයේ පැමිණිල්ලක් කර ඇත.
වලස්මුල්ල, රාජපුරගොඩ, මාරකැටියේ පදිංචිකරුවෙක් වන කේ.පී. නිශ්ශංක නැමැති අය විසින් මෙම පැමිණිල්ල පොලීසියට කර තිබේ.
තමා බීඩිකොල ආශ්‍රිත ව්‍යාපාරයක් කරගෙන යන බව ඔහු පොලීසියට පවසා ඇත. ඒ සඳහා ලබාගෙන ඇති බලපත්‍රය පසුගිය ජුනි 26 වෙනිදා කල්ඉකුත්ව ඇතැයිද ඔහු පොලීසියට පවසා තිබේ.
තංගල්ල සුරාබදු ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් තමාගේ නිවසට පසුගිය 18 වෙනිදා පැමිණ නිවසේ තිබූ බීඩි කොළ ඔවුන් භාරයට ගෙන නඩු පවරන බව පවසා ගොඩින් එය බේරා ගැනීමට රුපියල් ලක්ෂ 14ක් ඉල්ලා සිටි බවද මෙම ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත. තමාව ත්‍රීරෝද රථයක දමාගෙන පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක මුදලක් බලහත්කාරයෙන් රැගෙන මුදා හැරිය බවද ඔහු සිය පැමිණිල්ලලෙහි සඳහන්කර ඇත.
ව්‍යාපාරිකයා මේ වන විට රොහල්ගතව සිටින බවත් මෙම පැමිණීල්ල ගැන විමර්ශනයක් සිදුකරන බවත් පොලීසිය කියයි.