වයස අවුරුදු 07යි මාස 07ක් වන සිය දියණියට බරපතල ලිංගික අපයෝජනයක් කළ පොලිස් කොස්තාපල්වරයෙකු වසර 12ක් බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කිරීමට පුත්තලම මහාධිකරණය නියෝගකර ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා අවසානයට සේවයේ නිරතව සිට ඇත්තේ ආණමඩුව පොලිස් ස්ථානයට අනුයුක්තවය. කුමාර නැමැති මෙම නිලධාරියා මේ වන විට වැඩ තහනමට ලක්ව සිට ඇත.
මෙම නිලධාරියා සිය දියණිය අපයෝජනයට ලක්කරන විට ඔහු පොලිස් සේවයේ සිට ඇත.
පුත්තලම මහාධිකරණ විනිසුරු සිය තීන්දුව ඊයේ ප්‍රකාශකරමින් නියෝගකර ඇත්තේ වසර 12ක බරපතල වැඩ ඇතිව ඔහුට සිරදඩුවමකි.
එම අනිවාර්ය සිරදඩුවමට අමතරව ඔහුට එරෙහිව ඇති එක් එක් චෝදනාවට රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩයක්ද, නියමකර ඇත. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිහිල් සිර දඩුවමක්ද ඔහුට නියමකර තිබේ.
එය හැරුණු කොට දැරිවය රුපියල් ලක්ෂ 05ක වන්දියක්ද ගෙවීමට නියමකර ඇත. එම මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඩුවමක් එම තීන්දුවේම ප්‍රකාශයට පත්කර තිබේ.