ගාල්ල මහින්ද විද්‍යාලයීය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආදි ශිෂ්‍ය සංගමය වන මහින්දයන්ස් යූ.ඒ.ඊ (Mahindians UAE) සිය 25 වන සංවත්සර සැමරුම ඩුබායි රැඩිසන් බ්ලූ (Radisson Blu) හෝටලයේ දී හෙට (23) දින සවස 7 සිට උත්කර්ෂවත්ව සැමරීමට නියමිත ය.
1998 දී ආරම්භ කරන ලද Mahindians UAE එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා වූ මෙම එකමුතුව මහින්ද විද්‍යාලය මෙන්ම මෙරට ජන සමාජය වෙනුවෙන් අධ්‍යාපනය සහ ප්‍රජා සේවා ඉටු කරන විශිෂ්ට සංවිධානයකි.
විසිපස්වන සැමරුමට සමඟාමීව සියලුදෙනා එකට එක්ව සහභාගීත්ව ගීත ගායනා කරන අපූරු සංගීත සැදෑවක් ද (Sing Along Event) සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
මහින්ද විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික ආධාර ලබාදීම, යටිතල පහසුකම් සංවර්ධනය ට දායක වෙමින් අධ්‍යාපන ඉගෙනුම් පරිසරය දියුණු කිරීම,ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය දැක්වීම හා සිසුන්ගේ ක්‍රීඩා කුසලතා පෝෂණයට උපකාර කිරීම, පාසල මූලික කරගත් සුබසාධක කටයුතුවලින් ඔබ්බට යමින් විසිපස් වසරක් පුරා සමාජයීය සුබසාධනය වෙනුවෙන් කැපවීම Mahindians UAE විශේෂත්වයකි.
සිය 25වැනි සැමරුම සම්බන්ධයෙන් අදහස් පළ කරන Mahindians UAE සභාපති අජන්ත ප්‍රේමරත්න මහතා මෙම එකමුතුව අපගේ බැඳීම් ශක්තිමත් කර ගැනීමටත්, මහින්ද විද්‍යාලයට මෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජය වෙනුවෙන් අපගේ සහයෝගය අඛණ්ඩව ලබාදීමට අවස්ථාවක් උදාකළා.”යැයි පවසයි.
මෙම සංවත්සර සැමරුම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ආදි ශිෂ්‍ය මහින්ද සමාජයේ (Mahinda Club) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු මහින්ද විද්‍යාලයීය ආදි ශිෂයන් රැසක් එක්වීමට නියමිත අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරතන මහතා සහ ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ඊට එක්වෙති.