තවත්
    මුල් පිටුවspecialකැනේඩියානුවන්ට ඉන්දියාවට වීසා නෑ

    කැනේඩියානුවන්ට ඉන්දියාවට වීසා නෑ

    ඉන්දියාව තුල ස්ව්‍යං රාජ්‍යයක් ඉල්ලනු ලබන සීක් බෙදුම්වාදියෙකු කැනඩාව තුළ මියයාමේ සිදුවීම වර්ධනය වීමත් සමඟ ඉන්දියාව විසින් කැනඩා ජාතිකයින් හට වීසා නිකුත් කිරීම නවතා දමා තිබේ.

    කැනඩාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වන අයුරින් එහි ආරක්ෂාවට තර්ජනය එල්ලවීම හේතුවෙන් මෙලෙස වීසා නිකුත් කිරීම නවතා දමා ඇති බව ඉන්දීය රජය පවසයි.

    මෙම සතිය මුලදී කැනේඩියානු අග්‍රාමත්‍යවරයා විසින් ඉන්දියාව තුළ සීක් ජාතිකයින් සඳහා ස්ව්‍යං පාලනයක් සහ වෙනත් රටක් උදෙසා සටන් කරනු ලබන සීක් ජාතිකයකු කැනඩාවේදී මියයාම පිටුපස ඉන්දීය රජය සිටින බවට ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට කැනඩා රජය සමත් නොවූ අතර එය ඉන්දියාව සහ කැනඩාව අතර රජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධනය විය.

    මෙලෙස ඝාතනය පත්වූ සික් ජාතිකයා කැනඩාවේ වාසය කළ අයෙකු වන අතර ඔහු පසුගිය කාලය පුරාවටම බොදුම්වාදී අදහස් සහ මත පළකළ අයෙක් විය. ඒ අනුව මෙම තැනැත්තා ඉන්දීය රජය විසින් රහසිගතව ඝාතනය කළ බවද කැනඩා අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. අදාළ ප්‍රකාශයත් සමඟ ඉන්දීය රජය ප්‍රකාශ කර සිටියේ එම ප්‍රකාශ පදනම් විරහිත චෝදනාවක් බවයි.

    මේ අතර ඉන්දියාව පිහිට කැනඩා මහකොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඉන්දියාවේ සිටින තානාපති නිලධාරීන් ඉවත් කරගන්නා බවයි. එහිදී මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඇතැම් නිලධාරීන් හට සමාජ මාධ්‍ය හරහා තර්ජන එල්ල වී ඇති බවයි.

    2021 වර්ෂයේදී පවත්වන ලද සංගණනයට අනුව කැනඩාවේ ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් ලක්ෂ දාහතරක් වෙසෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සීක් ජාතිකයන් වන අතර ඔවුන් කැනඩාවේ ජනගහනයෙන් 3.7% ක් නියෝජනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img