තවත්
    මුල් පිටුවspecialඉන්දියානුවෝ ශ්‍රී ලංකා ඉනිම වනසයි

    ඉන්දියානුවෝ ශ්‍රී ලංකා ඉනිම වනසයි

    ආසියානු කුසලාන 2023 අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 12ක් තුළ දවා ගැනීමට ඉන්දියානු පන්දු යවන්නෝ අද(17) සමත් වූහ.

    මෙම කඩුලු හයෙන් පහකම හිමිකරුවා වූයේ මොහොමඩ් සිරාජ් ය. ඔහු මේ වනවිට ලකුණු 7කට කඩුලු 5ක් දවා ගෙන සිටියි. ඉතිරි කඩුල්ල ජැස්ප්‍රිට් බූම්රා විසින් දවා ගන්නා ලදි.

    කුසල් පෙරේරා ලකුණු 0,පැතුම් නිශ්ශංක ලකුණු 2,සධීර සමරවික්‍රම ලකුණු 0,චරිත් අසලංක ලකුණු 0,ධනංජය සිල්වා ලකුණු 4යි,නායක දසුන් ශානක ලකුණු 0 ලෙස මුල් කඩුළු 6 දැවී ගියේය.

    පිටියේ දැනට පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 17යි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 6යි.

    ශ්‍රී ලංකාව 31/6 (10.4)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img