Home උණුසුම් පුවත් බිත්තර -කුකුළුමස් මිල පහළ ගිහින් ආනයනයත් නවතින ලකුණු

බිත්තර -කුකුළුමස් මිල පහළ ගිහින් ආනයනයත් නවතින ලකුණු

බිත්තර -කුකුළුමස් මිල පහළ ගිහින් ආනයනයත් නවතින ලකුණු
RAMOT HASHEVIM, ISRAEL - MARCH 14: Freshly-laid eggs are collected for delivery to the local packing plant at the Aronheim family's egg farm on March 14, 2008 in the farming community of Ramot Hashevim, central Israel. World food prices are soaring in the face of what some analysts are describing as a perfect storm of circumstances; increasing demand from developing economies in Asia, rising fuel prices, severe weather impacting recent harvests and an economic shift to biofuel production. All this leaves the consumer paying more for basic staples such as bread and milk and is likely to have its hardest impact on poorer nations. (Photo by David Silverman/Getty Images)

ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේම ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ ද පැවසීය.

“රටට අවශ්‍ය කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය 100%ක්ම සිදු වන්නේ පුද්ගලික අංශයෙන්. මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් ප්‍රමාණය 3,420,000ක් ඉක්මවා තිබෙනවා. බොහෝ විට එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දැමීම සිදු කරනවා. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා.

කුකුළු කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට ද මෙම කර්මාන්තකරුවන්ට අපි අවස්ථාව ලබා දුන්නා. එහි වාසියත් අපේ පාරිභෝගිකයන්ට ඉදිරියේදී ලැබෙනවා.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයට පෙර මෙරට වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 230,000ක්. ඒ අනුව ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වර්ෂයකට කිලෝ ග්‍රෑම් 11ක්. එහෙත් පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හා කොවිඩ් බලපෑම හේතුවෙන් දේශීය කුකුළු මස් නිෂ්පාදනය 30%කින් පහත වැටුණා.

නමුත් මේ වන විට බ්‍රොයිලර් කුකුළු පැටවු විශාල වශයෙන් ගොවිපළවලට එකතු වීම නිසා මෙම වසර අවසන් වන විට මෙරට කුකුළු මස් නිෂ්පාදනය අර්බුදයට පෙර පැවති ප්‍රමාණයට ගෙන ඒමට හැකි බව එම කර්මාන්තකරුවන් පවසනවා. මේ නිසා මෙම වසර අවසන් වන විට කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් පහළ යනු ඇතැයි විශ්වාස කරනවා.

අප රටේ දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර මිලියන 07ක්. කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු හා ආර්ථික අර්බුදය නිසා සමස්ථ බිත්තර නිෂ්පාදනය 50%කින් පහත වැටුණා.

ඊට ප්‍රධාන හේතුව සතුන් සඳහා ආහාර නිෂ්පාදනය පහත වැටීම, සත්ව ආහාර ආනයනය සඳහා විදේශ විනිමය නොමැති වීම, දේශීය බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටීම යන කරුණුයි. නමුත් මේ වන විට කුකුළු කර්මාන්තයේ විශේෂයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ප්‍රමාණාත්මක ලෙස ඉහළ යමින් තිබෙනවා. පසුගිය සතිය වන විට කළ සමාලෝචනයට අනුව දෛනික අවශ්‍යතාවය සඳහා බිත්තර මිලියන 06ක පමණ ප්‍රමාණයක් සැපයීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව දැනට පවතින දෛනික බිත්තර හිඟය මිලියනයක් පමණ වනවා. නමුත් ඉදිරි මාස 03 තුළ මෙම හිගය පියවීමට හැකියාව ලැබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here